Latest News

තුර්කියේ රෝහලකට හෙලිකොප්ටරයක් ​​කඩා වැටෙයි – 04ක් ජිවිතක්ෂයට (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිරිතදිග තුර්කියේ රෝහලකට හෙලිකොප්ටරයක් ​​කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ (22) සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ නියමුවන් දෙදෙනෙක්, වෛද්‍යවරයෙකු සහ සේවකයෙක් බවයි මුග්ලා පළාත් ආණ්ඩුකාර ඉද්‍රිස් අක්බියික් පවසන්නේ.

හෙලිකොප්ටරය ගුවන් ගතවී මිනිත්තු කිහිපයකට පසු එය රෝහලේ ඉහළ මහලක ගැටී පසුව කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි මීදුමක් පැවති බව ද විදෙස් වාර්තා පවසනවා.

හෙලිකොප්ටරය මුග්ලාගේ රෝහලේ සිට ඇන්ටාලියා නගරයට යෑමට ගුවන් ගත වූ මොහොතේ මෙම අනතුර සිදුව තිබෙනවා.

තුර්කියේ නිරිතදිග ඉස්පාර්ටා පළාතේ හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් සෙබළුන් හය දෙනෙකු මිය ගොස් සති දෙකක් ඇතුළත මෙම අනතුර සිදුව තිබෙනවා.

World News

Send your contact Details Today