නයිජීරියාවේ පැවති නත්තල් විනෝද සැණකෙළියක් අතරතුරදී හටගත් ගැටුමකින් කුඩා දරුවන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිරිතදිග නයිජීරියාවේ ඉබාදාන් නගරයේ මෙම නත්තල් විනෝද උත්සවය සංවිදානය කර තිබුණා.
සංවිධායකයින් මුදල් හා ආහාර ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර බොහෝ පිරිසක් ඒවා ලබා ගැනීමට පැමිණ ඇති අතර ඔවුන් උත්සව භූමියට ඇතුළු වීමට පොරබදමින් සිටි අවස්ථාවේ ගැටුම් හටගෙන තිබෙනවා.
ප්රදේශවාසීන් පැවසුවේ ළමුන් 5,000කට අධික පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි බවයි.
සංවිධායකවරුන් උත්සවය ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගැනීමත් සමග කුඩා ළමුන් 35 දෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන් අතරෙන්ද දිවි ගලවා ගෙන ඇත්තේ දෙදෙනෙකු පමණක් බවයි නිල නොවන ආරංචිමාර්ග වාර්තා කරන්නේ.
ප්රධාන සංවිධායකවරයා ඇතුළු මෙම උත්සවයට සම්බන්ධ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද සඳහන්.
නයිජීරියා ජනාධිපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට නියෝග කර තිබෙනවා.