Latest News

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක ගින්නක් – 05 දෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ජායිපූර්-අජ්මීර් අධිවේගී මාර්ගයේ අද උදෑසන පෙට්‍රල් පොම්පයක් ඉදිරිපිට ට්‍රක් රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් ගින්නක් ඇති වී තිබෙනවා.

එහිදී පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රසායනික ද්‍රව්‍ය පටවා තිබූ ට්‍රක් රථයක් මෙසේ ගිනිගෙන ඇති බවටයි එම වාර්තා සඳහන් කර තිබෙන්නේ.

එම ගින්නෙන් තවත් පුද්ගලයින් 37 දෙනෙකුට අධික පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව ද සඳහන්.

එමෙන්ම ඒ හේතුවෙන් තවත් ජීවිත හානි සිදුවිය හැකි බවටයි ඇතැම් වාර්තා පවසන්නේ.

බලධාරීන් විසින් තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීමත් සමග අධිවේගී මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබුණා.

World News

Send your contact Details Today