Latest News

අමෙරිකා එක්සත් ජනපදයෙන් දරුණු කුරුළු උණ තත්ත්වයක් වාර්තා වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයෙන් දරුණු කුරුළු උණ තත්ත්වයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ඊයේ (18) එරටින් සිය පළමු ‘දරුණුතම කුරුළු උණ’ සිදුවිම වාර්තා වී ඇති බව සඳහන්.

අදාළ රෝගියා ලුසියානා හි පදිංචිකරුවෙකු වන බවයි වාර්තා වන්නේ.

එම ආසාදිතයා දරුණු ශ්වසන රෝග පෙන්නුම් කරන බවත් සඳහන්.

පවතින තත්ත්වය හමුවේ, වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන කැලිෆෝනියාව හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම ප්‍රාන්තයෙන් මෙම වසරේ සැලකිය යුතු ගොවීන් පිරිසක් රෝගයට ගොදුරු වී තිබුණා.

World News

Send your contact Details Today