Latest News

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 08 දෙනෙක් ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය ගාසා තීරට එල්ල කළ ප්‍රහාරයකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

උතුරු බෙයිට් ලාහියා ප්‍රදේශයේ කමල් ඇඩ්වාන් රෝහල අසල නේවාසික ගොඩනැගිල්ලකට බෝම්බ හෙලීමට ඊයේ ඊශ්‍රායලය කටයුතු කළ අතර ඉන් පලස්තීන ජාතිකයන් අට දෙනෙකු ඝාතනය වී තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය නව කොන්දේසි පැනවීම නැවැත්වුවහොත් සටන් විරාම ගිවිසුමක් සඳහා යා හැකි බව හමාස් සටන්කාමීන් පවසනවා.

ඊශ්‍රායල හමුදා කමල් ඇඩ්වාන් රෝහල වටා පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලක යොදවා ඒවා පුපුරුවා හැර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 45,059 ක් මිය ගොස් 107,041 ක් තුවාල ලබා සිටිනවා.

World News

Send your contact Details Today