Latest News

දුර්ලභ බිත්තරයක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දුර්ලභ ගෝලාකාර බිත්තරයක් ඔස්ට්‍රේලියානු ඩොලර් 398ක මුදලකට වෙන්දේසී වීමේ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.

මෙලෙස ගෝලාකාර බිත්තරයක් හමුවන සම්භාවිතාව බිත්තර බිලියනටකට එකක් බවයි වාර්තා වන්නේ.

මීට පෙර මෙවැනි බිත්තරයක් මෙල්බන්වලින්ද හමුව තිබුණා.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වෙන්දේසියක අළෙවි වූ මෙම බිත්තරයෙන් ලබා ගත් මුදල යුවෙන්ටාස් පදනමට පරිත්‍යාග කර ඇති බව සදහන්.

එම පදනම Oxfordshire පුරා සිටින තරුණ තරුණියන්ට උපදේශන සේවා සපයන සහ මානසික සෞඛ්‍ය ගැටලු වලට සහාය සපයන පුණ්‍යායතනයක් වනවා.

මෙම බිත්තරය පුණ්‍යායතනය සඳහා වෙන්දේසියේ එක් අයිතමයක් පමණක් වූ අතර වෙන්දේසියෙන් රැස් කළ මුළු අරමුදල් පවුම් 5,000 ක් බව පුණ්‍ය ආයතන ප්‍රධානියා සදහන් කළා.

World News

Send your contact Details Today