Latest News

අමරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

සිද්ධියෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මිය ගිය අය අතර ගුරුවරියක හා නව යොවුන් වියේ පසුවන සිසුවෙකු වනවා.

ප්‍රහාරකයා 15 හැවිරිදි සිසුවියක බවයි දැනට සිදුකළ විමර්ෂණවලින් හෙළිව ඇත්තේ.

වෙඩි තැබීමට පෙර ඇය ඇබන්ඩන්ට් ලයිෆ් ක්‍රිස්තියානි පාසලට පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයේදීම සියදිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මැඩිසන් පොලිසිය සිදුකරනවා.

World News

Send your contact Details Today