Latest News

සිරියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර වහා අත්හිටුවන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයට දැනුම් දෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියාව ඉලක්ක කරගනිමින් සිදු කරන ගුවන් ප්‍රහාර වහා අත්හිටුවන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා.

සිරියාවේ බලය එරට කැරලිකරුන් සතුවීමත් සමග සිරියාවේ ප්‍රදේශ රැසක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළා.

එමෙන්ම ඊශ්‍රායල පාබල හමුදා සිරියාවට ඇතුළු වී සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වුවද එම සියලු යුද මෙහෙයුම් අත්හිටුවා සිරියාව සාමාන්‍ය අතට පත් කිරීමට සහායවන ලෙස ජගත් සංවිධාන ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ.

සිරියාව තුළ හටගෙන ඇති අවදානම් තත්ත්වය පහව යන තුරු තම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

World News

Send your contact Details Today