Latest News

වැඩිහිටියන්ට පමණක් වන කෞතුතාගාරයක්, මෙල්බන් හි විවෘත කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව සරාගීම කෞතුකාගාරය ඔස්ට්‍රේලියාවේ, මෙල්බන් හි විවෘත කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 7 වනදා මෙම කෞතුකාගාරව විවෘත වු අතර මෙය වැඩිහිටියන්ට පමණක් වන කෞතුතාගාරයක් ලෙසයි ප්‍රසිද්ධ වී ඇත්තේ.

කෞතුකාගාරය වැඩිහිටියන්ට පමණක් වන අතර ආදරය, සතුට සහ ලිංගිකත්වය සැමරීම සඳහා නිර්මාණය කර ඇති බහු අවකාශයක් සහිත කෞතුකාගාරයක් ලෙස මෙය ප්‍රසිද්ධ වී තිබෙනවා.

The Museum of Desire ලෙස නම් කර ඇති මෙම කෞතුකාගාරය සදහා ඇතුල්වීමට හැක්කේ වයස අවුරුදු 18 වැඩි අය සදහා පමණක් බව සඳහන්.

ලිංගිකත්වය වටා සමාජ සම්මතයන් වෙනස් කිරීම සහ ලිංගිකත්වය තුළින් කලාවක් නිර්මාණය කර එය ප්‍රේක්ෂකයාට දැනවිමට මෙය ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.

The Museum of Desire කෞතුකාගාරය සඳහා ප්‍රවේශපත් දැන් එම වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි අතර මිල ගණන් ඩොලර් 33 සිට ආරම්භ වනු ඇති.

මෙම සරාගී කෞතුකාගාර අත්දැකීම ඔබ පෙර කිසි දිනක දැක නැති කෞතුකාගාරයක් ලෙසයි නම් කර ඇත්තේ.

World News

Send your contact Details Today