Latest News

ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බව ‘නේටෝ’ මහ ලේකම් පවසයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසනවා.

නේටෝ මහ ලේකම්වරයා මෙසේ පැවසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සමුළුවකට සහභාගී වෙමින්.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව සහ බටහිර රටවල් එකමුතු වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් සන්ධානයක් වනවා.

රුසියන්, යුක්‍රේන යුද්ධයේ දී නේටෝවේ සහාය හිමිවන්නේ යුක්‍රේනයටයි.

රුසියන්, යුක්‍රේන යුද්ධයට හේතුව ද යුක්‍රේනය විසින් රුසියාවේ විරෝධය මැද ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීමයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ 2025 ජනවාරියේදීයි.

එසේ දිවුරුම් දීමෙන් පසු තමන් පැය 24ක් ඇතුළත රුසියන්, යුක්‍රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබෙනවා.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී ‘නේටෝ’ සංවිධානය සමඟ මත ගැටුම් ඇති කර ගත්තා.

එමෙන්ම අමෙරිකාවෙන් ‘නේටෝ’ සංවිධානයට ලබා දෙන මූල්‍ය සහාය පවා කප්පාදු කිරීමට කටයුතු කළා.

යළි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ‘නේටෝ’ සංවිධානයට අඩු අවධානයක් ලබා දීමට ට්‍රම්ප් සූදානම් වන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today