Latest News

සිරියානු ජනාධිපති පවත්වාගෙන යන සිරගෙවල්වලට කැරළිකාර හමුදාව කරන්න යන දේ කියයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බලයෙන් පහ කළ සිරියානු ජනාධිපති බෂාර් අල්අසාද් පවත්වාගෙන යන දරුණු සිරගෙවල් වසා දමන බව කැරළිකාර හමුදාව පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිරකරුවන් ඝාතනයට හෝ වධ හිංසාවන්ට ලක්කිරීමට සම්බන්ධවූවන්ට දඬුවම් ලබාදෙන බවයි සිරියානු කැරළිකාර හමුදාව පවසා තිබෙන්නේ.

කැරළි නායක අහමඩ් අල් ෂාරා නොහොත් අබු මොහොමඩ් අල් ජොලානි ප්‍රකාශ කර ඇත්තේ හිටපු ආරක්ෂක හමුදාව විසුරුවා හරින බවයි.

මේ අතර මිනිස් ඝාතකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය බව කියන සිර කඳවුරකින් දහස් ගණනක් නිදහස් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද නිකුත් කර තිබෙනවා.

අසාද් විසින් පාලනය කරන ලද සිරගෙවල් වල පුද්ගලයින් 60,000කට අධික පිරිසක් වධ බන්ධනවලට ලක්කර ඝාතනය කර ඇති බවයි එක්සත් රාජධානිය පදනම් කර ගත් මානව හිමිකම් සඳහා වන සිරියා නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ.

World News

Send your contact Details Today