Latest News

අවසානය දක්වා සටන් කරන බව දකුණු කොරියා ජනාධිපති කියයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අවසානය දක්වා සටන් කරන බවට දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙයොල් ප්‍රතිඥා දී තිබෙනවා.

යුද නීතිය ප්‍රකාශයට පත් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවයි ඔහු රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ.

එය ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම වැළැක්වීමට සහ විපක්ෂ පාර්ලිමේන්තු ආඥා දායකත්වයට එරෙහිව ගත් නීතිමය තීරණයක් බව ද ඔහු පවසනවා.

ඔහුට එරෙහි දෝෂාභියෝගයක් අනිද්දා දිනයේ දී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි.

එම ඡන්ද විමසීමට පෙර ඉල්ලා අස්නොවන බවත් අවසානය දක්වා සටන් කරන බවත් ඔහු පවසනවා.

World News

Send your contact Details Today