Latest News

ට්‍රම්ප් දිවුරුම් දීමට පෙර අමරිකානු ප්‍රබල ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන බව කියයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමට පෙර FBI ප්‍රධානියා ඉල්ලා අස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

FBI හෙවත් ෆෙඩරල් විමර්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්‍රේ ප්‍රකාශ කර ඇත්තේ තමන් නෙරපා හරින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් අනතුරු අඟවා ඇති බවයි.

ඒ අනුව ට්‍රම්ප් ලබන මාසයේ දී බලයට පත්වීමට පෙර තමන් ඉල්ලා අස්වන බව ව්‍රේ ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

FBI අභ්‍යන්තර රැස්වීමකදී එහි ප්‍රධානියා තවදුරටත් පවසා ඇත්තේ සති ගණන් සලකා බැලීමෙන් අනතුරුව තමා ඉවත් වීමට මෙලෙස තීරණය කළ බවයි.

World News

Send your contact Details Today