Latest News

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 50ක් ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 50ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රෆා නගරයේ ආහාර මිල දී ගැනීමට පෝලිම්වල රැඳී සිටි පිරිසකුයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

අඛණ්ඩව එල්ල වන ඊශායල ප්‍රහාර හමුවේ දෛනිකව සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ප්‍රහාර හමුවේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා 45,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් අතරින් වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදුලි බල අර්බුදය හේතුවෙන් තවත් ජීවිත රැසක් අහිමිවීමේ අවධානමක් පැන නැගී ඇති බව ද හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

World News

Send your contact Details Today