Latest News

බලුකිස්තානයේ මානව හිමිකම් ගැටලුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ, බලුකිස්තාන ප්‍රාන්තයේ ජනතාවට රජයේ හමුදාවෙන් සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සෝජාන් ජෝසප් විසින් කැඳවනු ලැබූ එම සාකච්ඡාවට එරට කීර්තිමත් විද්වතුන්, වෘත්තිකවේදින් සහ මානව හිමිකම් සංවිධාන නියෝජිතයන් ද සහභාගි වී තිබෙනවා.

බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවන බලහත්කාර අතුරුදන් කිරීම්, ඝාතන සහ වෙනත් අකටයුතුකම් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවත්, එම ප්‍රාන්තයේ ජනතාව අත්විඳින හිංසාවන් මැඬ පැවැත්වීමට රාජ්‍යතාන්ත්‍රික සබඳතා භාවිත කිරීමට බ්‍රිතාන්‍ය රජයට බලපෑම් කිරීමට එහිදී එකඟතාව පළවී ඇති බවත් සඳහන්.

බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ වහාම අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ඉල්ලීමක් කිරීමට ද එහිදී තීරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

සිවිල් වැසියන්ට, මාධ්‍යවේදීන්ට සහ සමාජ ක්‍රියාකාරින්ට එම ප්‍රාන්තයේදි මුහුණපෑමට සිදුවී ඇති හිරිහැර පිළිබඳ පාකිස්තාන රජයට චෝදනා එල්ල වී තිබෙන බව ද තවදුරටත් වාර්තා වනවා.

World News

Send your contact Details Today