Latest News

දකුණු කොරියාවේ ජනපතිට රටින් පිටවීම තහනම්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සිදුවීම සම්බන්ධව විමර්ශනයකට මුහුණ දී සිටින දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල්ට රටින් පිටවීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබීමෙන් දෝෂාභියෝගයෙන් ද තනතුර රැක ගත් ජනාධිපතිවරයාට රටින් පිටවීමේ තහනම නිකුත් කර ඇත්තේ එරට අධිකරණ අමාත්‍යාංශය විසින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ජනාධිපතිවරයාට අමතරව බුද්ධි අංශයේ ප්‍රධානියාට සහ හමුදාපතිවරයාට ද රටින් පිටවීම තහනම් කර තිබෙන බව ද සඳහන්.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධීපතිවරයාට යෝජනා කළ බව කියන ආරක්ෂක ඇමැති පසුව ඉල්ලා අස්වූ අතර, ඔහු මේ වන විට අත්අඩංගුවේ පසුවන බවත් වාර්තා වනවා.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ යුද නීතිය පැය 6කට සීමා වූ අතර, එම සිදුවීමෙන් පසු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ඇතුළු ඉහළ තනතුරුවල සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකුම ඉල්ලා අස්වූ බවයි වාර්තා වන්නේ.

World News