Latest News

බ්‍රිතාන්‍යට බලපෑ සුළි කුණාටුවෙන් දහස් ගණනකට විදුලිය නැතිවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩරාග් සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍ය දහස් ගණනක පිරිසකට තවමත් විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩරාග් සුළි කුණාටුව දැන් යුරෝපයට ගමන් කර ඇති අතර එංගලන්තයේ සහ වේල්සයේ මෙම සුළි සුළඟ පිළිබඳ අවසන් කහ අනතුරු ඇඟවීම ඊයේ (08) දින සවස නිකුත් කර බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පැයට සැතපුම් 58 ත් 67ත් දක්වා තද සුළං වාර්තා වුණා.

එරට ගමනාගමනයට ද බාධා ඇතිව තිබුණා.

ගංඟා මට්ටම් ඉහළ යාමෙන් ගංවතුර අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මක වූ අතර, වැටුණු ගස් හා සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා.

පසුගිය මාසයේ බර්ට් කුණාටුවෙන් ද බ්‍රිතාන්‍යට බලපෑම් ඇති වුණා.

World News

Send your contact Details Today