Latest News

ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට හිමි වූ අලුත්ම තැන මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි අද (09) දින යළිත් යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 06 වැනි ස්ථානයයි.

එහි තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිව තිබෙනවා.

සුපුරුදු පරිදි ලොව මෙතෙක් සිටින විශිෂ්ටතම ටෙස්ට් කණ්ඩායම හිමි රට බවට ඔස්ට්‍රෙලියාවට පත්ව ඇති අතර ඉන්දියාව එහි දෙවැනි තැනට පත් ව සිටිනවා.

මේ අතර එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සයවැනි ස්ථානයට පැමිණියා.

ඊයේ (08) දිනයේ දී එය යාවත්කාලීන කර ඇති අතර ලොව මෙතෙක් සිටින විශිෂ්ටතම එක්දින කණ්ඩායම වී ඇත්තේ ඉන්දියාවයි.

දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවට හිමිව තිබෙනවා.

World News

Send your contact Details Today