Latest News

බෝම්බ තර්ජනයක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් 40ක් වැසෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන් ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන විද්‍යුත් ලිපි මාර්ගයෙන් මෙම බෝම්බ තර්ජන එල්ල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දිල්ලි නුවර පාසල් 44ක් වෙත මෙලෙස බෝම්බ තර්ජන පිළිබඳ ලිපි ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව ඉන්දීය පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර අද උදෑසන පාසල් වෙත පැමිණ තිබූ ළමුන් කඩිනමින් නිවෙස් කරා යොමුකර පරීක්ෂා කිරීම් ආරම්භ කිරිමට ද ඔවුන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා පොලිස් නිළධාරීන්ට අමතරව ගිනි නිවන භටයින්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සහ නිල සුනඛයින් ද යොදාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගිය ඔක්තෝබර් මාසයේ ද ඉන්දියාවේ පාසල් කිහිපයකට මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබු අතර පසුව ඒවා ව්‍යාජ අනතුරු ඇගවීම් බවට තහවුරු වී තිබුණා.

World News

Send your contact Details Today