Latest News

ප්‍රංශයේ නොට්‍රෙ-ඩේම් ආසන දෙව්මැදුර යළි විවෘත කරයි (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගින්නකින් දැඩි ලෙස හානි වී තිබූ ප්‍රංශයේ නොට්‍රෙ-ඩේම් ආසන දෙව්මැදුර (නොත්‍රදාමය) යළි විවෘත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සඳහා ලෝක නායකයන් රැසක් ප්‍රංශ‍යේ පැරිස් අගනුවරට රැස්ව සිටි බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.

මීට වසර 05 කට පෙර ගටගත් ගින්නකින් හානි වූ නොට්‍රේ-ඩේම් ආසන දෙව්මැදුර යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එබැවින් දෙව්මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රංශයට ලොව පුරා විවිධ කොටස්වලින් ආධාර හිමිව තිබුණා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ලොව පුරා සිටින අනෙකුත් රාජ්‍ය නායකයන් සහභාගී වූ උත්සවයක් ඊයේ පැරිස් නුවර පැවැති අතර එහිදී පැරිස් අගරදගුරු ලෝරන්ට් උල්රිච් විසින් දේවමෙහෙයන් සිදු කිරීමෙන් අනතුරුව දෙව්මැදුර යළි විවෘත කර තිබෙනවා.

ඒ සඳහා සහභාගි වූ ලෝක නායකයන් අතර අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ද වීම විශේෂත්වයක් වනවා.

2019 දී හටගත් ගින්නෙන් 12 වන සියවසේ ආදරණීය ගොතික් ආසන දෙව්මැදුර බිඳවැටීමට ආසන්න වී තිබුණා.

ගිනිදැල් නොට්‍රේ-ඩේම් හි වහලය පුරා පැතිරී තිබූ අතර ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් යොදවා තිබුණා.

සෙනසුරාදා පැවැති දෙව්මැදුර නැවත විවෘත කිරීමේ උත්සවය අතරතුර ගින්න මැඩපැවැත්වීමට උදව් කළ ප්‍රංශ ගිනි නිවන භටයින්ට ප්‍රශංසාව පුද කෙරුණු අතර ස්තූතිය සඳහා භාවිත කරන “merci” යන වචනයෙන් දෙව්මැදුරේ ඉදිරිපස ද ආලෝකමත් වුණා.

World News

Send your contact Details Today