Latest News

රුසියා – යුක්‍රේන යුද්ධයෙන් මියගිය යුක්රේන සෙබළු සංඛ්‍යාව 43,000 දක්වා ඉහළට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියා – යුක්‍රේන යුද්ධයෙන් මියගිය යුක්රේන හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 43,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුසියාවේ ආක්‍රමණය ආරම්භ වූ දා සිට ගැටුම් හේතුවෙන් යුක්රේන සොල්දාදුවන් 43,000ක් පමණ මිය ගොස් ඇති බවයි යුක්‍රේන ජනාධිපති වොලොදොමීර් සෙලෙන්ස්කි පවසන්නේ.

සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තුවාල ලැබූ සංඛ්‍යාවද 370,000 ඉක්මවන බවයි.

එමෙන්ම ගැටුම් හේතුවෙන් රුසියා හමුදා සාමාජිකයන් 198,000ක් මිය ගොස් ඇති අතර තවත් 550,000 ක් තුවාල ලබා ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත් යුක්‍රේනය ඉදිරිපත් කළ මෙම සංඛ්‍යාලේඛන රුසියා පාර්ශවය පිළිගෙන නැහැ.

World News

Send your contact Details Today