Latest News

බෂාර් අල් අසාද් මොස්කව්හි සිටින බව රුසියානු රාජ්‍ය මාධ්‍ය කියයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියාවෙන් පළා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් රුසියාවේ මොස්කව් අගනුවර රැඳී සිටින බව වාර්තා වනවා.

රුසියාව ඔහුට සරණාගතභාවය ලබා දෙනු ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් ඩමස්කස් අගනුවරින් පලා ගියේ ඊයේ (08) දිනයේදීයි.

ඒ මෙම සති අන්තයේ කැරලිකාර කණ්ඩායම අගනුවර බලය අත්පත් කර ගැනීමත් සමඟයි.

රුසියාව අසාද් රජයේ ප්‍රධාන මිතුරෙකු වන අතර ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ පවුලේ අයට ද සරණාගතභාවය ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර පළා යාමත් සමග සිරියා කැරලිකරුවන් බෂාර් අල් අසාද්ගේ නිවස කොල්ලකන අයුරු මාධ්‍ය විකාශය කළා.

ඩමස්කස් නගරයෙන් තවදුරටත් පිපිරීම් වාර්තා වන අතර ඊශ්‍රායලය නගරයේ ඉලක්ක වෙත පහර දී තිබෙනවා.

World News