Latest News

සිරියා ජනපති, ඩැමස්කස් අගනුවරින් පලා යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියා ජනාධිපති බසාර් අල් අසාද් ඩැමස්කස් අගනුවරින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිරියා කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සති දෙකක කාලය පටන් කැරළිකරුවන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සටන් ආරම්භ කළා.

ඔවුන්ගේ ප්‍රහාරයන් හමුවේ රජයේ හමුදා පසුබැසීමටයි පියවර ගත්තේ.

ඊයේ දිනයේදී හොම්ස් නගරය අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකිවූ අතර ඩැමැස්කස් අගනුවර ද බලය තහවුරු කර ගෙන ඇති බවට වාර්තා පළවනවා.

නගරය තුළ කැරළිකරුවන් සැරිසරණ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම නගරයේ පිහිටා ඇති බන්ධනාගාරයකින් එහි රදවාසිටි සියලු රැඳවූවන් නිදහස් කර ඇති බවද සඳහන්.

2011 වසරේ එරට සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු ජනාධිපති බසාර් අල් අසාද්ට එල්ලවූ දැවැන්තම අභියෝගය මෙය ලෙසයි සැලකෙන්නේ.

World News

Send your contact Details Today