Latest News

ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ අවතැන් කඳවුරු හා රෝහලවලට ප්‍රහාර – 50කට වැඩි පිරිසක් මරුට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය ගාසා තීරයේ අවතැන් කඳවුරු හා රෝහලවලට එල්ල කළ ප්‍රහාර වලින් 50කට වැඩි පිරිසක් මිය ගියා.

මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ළමයින් හය දෙනෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 20කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

ගාසා හි සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහල ඊශ්‍රායල ප්‍රහාරයට ලක් වූ උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා ප්‍රදේශයේ කමල් ඇඩ්වාන් රෝහලට සහ ඒ ආසන්නයේ සිදුවූ ගුවන් ප්‍රහාර මාලාවකින් තවත් පුද්ගලයන් 29 දෙනෙකු මිය ගිය බවයි.

ගාසා හි අල් ජසීරා වාර්තාකරු වාර්තා කරන්නේ, කමල් අද්වාන් රෝහල වටා ක්‍රියාත්මක වන ඊශ්‍රායල යුද ටැංකි සහ ඩ්‍රෝන යානා රෝහල තුළ හෝ ඒ අසලින් ගමන් ගන්නා ඕනෑම අයෙකුට ප්‍රහාර එල්ල කරන බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ පලස්තීනුවන් 44,612 ක් මියගොස් 105,834 ක් තුවාල ලබා සිටිනවා.

World News

Send your contact Details Today