Latest News

2025 ක්‍රිකට් චැම්පියන්ස් කුසලානයට දේශපාලනය හරස්වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 චැම්පියන්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය පැවැත්වීම පිළිබඳ පක්ස්තානය හා ඉන්දියාව අතර මතභේදාත්මකත තත්වයක් නිර්මාණය වී තිබෙන පසුබිමක එය හයිබ්‍රිඩ් ආකෘතියකින් පැවැත්වීමට යෝජනාවී තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිඩා වෙබ් අඩවි වාර්තා කරනවා.

නව යෝජනා සමග මෙය සංවිධානය කිරීමේදී පැනනැගී ඇති අපහසුතා නිරාකරණය කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බවයි එම වාර්තා පවසන්නේ.

වාර්තා වලට අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ICC සහ පකිස්තානු ක්‍රිකට් PCB 2027 දක්වා පාකිස්තානයේ හෝ ඉන්දියාවේ ගෝලීය තරඟ සංවිධානය කිරීම සඳහා හයිබ්‍රිඩ් ආකෘතියක් භාවිතා කිරීමට මූලික වශයෙන් එකඟ වී තිබෙනවා.

මෙම ක්‍රමය යටතේ, විරුද්ධ කණ්ඩායම තරඟ සත්කාරකත්වය දරන විට දෙරටම මධ්‍යස්ථ ස්ථානවල තරඟ කිරීමට සිදුවනු ඇති.

ඒ අනුව ඉන්දියාව අවසන් වටයට සුදුසුකම් ලැබුවහොත්, හයිබ්‍රිඩ් ආකෘතිය යටතේ අවම වශයෙන් එක් අවසන් පූර්ව තරඟයක් හෝ අවසන් තරඟය මධ්‍යස්ථ ස්ථානයකට මාරු කෙරෙනු ඇති.

මේ අතර, මෙම ආකෘතිය අවසන් කිරීමේ ප්‍රමාදය නිසා දැනටමත් ICC හට චැම්පියන්ස් කුසලාන කාලසටහන අවසන් කිරීමට නොහැකි වී ඇති අතර, ලාහෝර්, කරාචි සහ රාවල්පිණ්ඩි පාකිස්තානයේ ප්‍රධාන සත්කාරක නගර ලෙස තහවුරු කර තිබෙනවා.

හයිබ්‍රිඩ් ආකෘතිය අවසන් කළහොත්, එය 2025 පෙබරවාරියේ පාකිස්තානයේ ආරම්භ වන චැම්පියනස් කුසලානයේදී එය ඉදිරිපත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, මෙම සැලසුම් PCB විසින් යෝජනා කරන ලද විවිධ කොන්දේසි වලට යටත් වනවා.

ඉන්දියානු තරග UAE හෝ ශ්‍රී ලංකාව වැනි මධ්‍යස්ථ ස්ථානවල පැවැත්වීමට සිදුවුවහොත් ඇතිවිය හැකි පාඩු සඳහා වන්දි ලබා දීම මේවාට ඇතුළත් වනවා.

මෙය දෙසැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත ICC මණ්ඩල රැස්වීමෙන් පසු තහවුරු වීමට නියමිතයි.

මෙම තීරණය භූ දේශපාලනික අභියෝග මධ්‍යයේ නම්‍යශීලීත්වය සහ සහයෝගීතාව අවධාරණය කරමින් ICC තරඟ ව්‍යුහගත කරන ආකාරය පිළිබඳ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරන්නක් වනු ඇති.

World News

Send your contact Details Today