Latest News

ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ රුව මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට බංග්ලාදේශය තීරණය කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශය මුද්‍රණය කළ නව මුදල් නෝට්ටුවලට ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ රුව ඇතුළත් නොවන බවට වාර්තා පළවනවා.

මුහම්මඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ රජයේ උපදෙස් පරිදී නව මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව එරට මහ බැංකුව නිවේදනය කරනවා.

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා බලයෙන් පහකිරීමෙන් පසු එරට නව රජය ගත් ප්‍රධානතම තීන්දුවක් ලෙස මුදල් නෝට්ටුවට ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ රුව ඇතුළත් නොකිරීම සැළකිය හැකියි.

ඔහු හිටපු අග්‍රාමාත්‍යවරියගේ පියා මෙන්ම බංග්ලාදේශය ගොඩ නැගීමේ පුරෝගාමියෙකු ලෙසද සැලකෙනවා.

මීට සති කිහිපයකට පෙර මුහම්මඩ් යූනුස්ගේ කාර්යාල පරිශ්‍රයේ ඉදිකර තිබූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ පිළිරුවක් කඩා ඉවත්කර දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

World News

Send your contact Details Today