Latest News

ට්‍රම්ප්, බහමාස් රාජ්‍යයට කළ‍ යෝජනාව එරට රජය ප්‍රතික්ෂේප කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවෙන් පිටුවහල් කෙරෙන සරණාගතයින් භාරගැනීම සම්බන්ධයෙන් තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බහමාස් රාජ්‍යයට සිදු කළ‍ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනවාරි විසිවන දින ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් දැවැන්ත පිටුවහල් කිරීමේ ක්‍රියාවලියක් සිදු කිරීමට නියමිතයි.

ඒ හරහා නීතිවිරෝධීව ඇමෙරිකාවේ රැඳී සිටින සියලු සංක්‍රමණිකයින් එරටින් පිටුවහල් කිරීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වුවද එලෙස පිටුවහල් කරන සරණාගතයින් භාර ගැනීම සම්බන්ධයෙන් බහාමාස් රාජ්‍යයයට සිදු කළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අදාළ ඉල්ලීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය සම්පත් තමන් සතුව නොමැති බව බහමාස් අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.

2022 වසර වන විට නීතිවිරෝධී සංක්‍රමණිකයින් මිලියන 11ක් පමණ ඇමෙරිකාව තුළ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

World News