Latest News

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් තායිලන්තයට වැඩම කරවයි (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරුණා.

ඒ තායිලන්තය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් පිරීම නිමිත්තෙන් හා තායි මහා රජතුමාගේ 6 වැනි උපන්දින සංවත්සරය සැමරීම සඳහායි.

ඒ අනුව ධාතූන් වහන්සේ රැගත් චීනයේ සිට විශේෂ ගුවන් යානයක් ඊයේ දහවල් බැංකොක්හි හමුදා ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.

එහිදී සනම් ලුආන්ග්හි තැන්පත් කිරීමට ධාතූන් වහන්සේ මහා මාර්ගය ඔස්සෙ වැඩම කෙරුණා.

අග්‍රාමාත්‍ය පායේතොන්ග්තාන් ශිනවත්‍රා පිළිගැනීමේ උත්සවයේ මුලසුන දැරුවා.

ගෞරවනීය බෞද්ධ ධාතූන් වහන්සේ නමක වන මෙම ඓතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කෙරුණේ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය හා බීජිංහි රාජකීය තායි තානාපති කාර්යාලය එක්වයි.

World News

Send your contact Details Today