Latest News

දකුණු කොරියාව දැඩි අනතුරකට?

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යූන් සුක් යෙයෝල් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටියහොත් දකුණු කොරියාව දැඩි අනතුරකට මුහුණපාන බව එරට පාලක පක්ෂයේ ප්‍රධානියා පවසනවා.

දකුණු කොරියාවේ පාලක පක්ෂයේ ප්‍රධානියා සඳහන් කරන්නේ එරට ජනාධිපතිවරයා ධූරයේ රාජකාරී කටයුතුවලින් හැකි ඉක්මනින් ඉවත් විය යුතු බවයි.

පසුගියදා ජනාධිපතිවරයා හදිසියේ යුද නීතිය ප්‍රකාශයට පත් කළ අතර පාර්ලිමේන්තුවේ හා ජනතා විරෝධය හේතුවෙන් පසුව එය ඉවත් කිරීමට පියවර ගත්තා.

ඒත් සමග ජනාධිපතිවරයාට එරෙහිව දැඩි විරෝධයකුයි හට ගත්තේ.

ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයා නියෝග ලබාදී තිබූ බවට සාක්ෂි හෙළිව ඇති බව ද පාලක පක්ෂ ප්‍රධානියා නිවේදනය කරනවා.

එරට විපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති අතර එය ජයග්‍රහණය කිරීමට නම් පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ සහාය ද අවශ්‍ය වනවා.

මේ අතර දකුණු කොරියානු පොලිසිය ජනාධිපති යූන් ඇතිකිරීමට ගිය කැරැල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියානු පොලිසිය එරට පැය කිහිපයක් යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති යූන් සුක් යොල් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මේ පිළිබඳ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් හමුදා නිලධාරීන්ගෙන් ද ප්‍රශ්න කර තිබුණා.

මෙය කැරැල්ලක් ඇති කිරීමට ගත් උත්සාහයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරුන් කියා සිටින්නේ එහි සැලැස්ම ගැන දන්නේ කිහිප දෙනෙක් පමණක් බවයි.

එමෙන්ම ඔහුගේ තීරණය ආපසු හැරවීමට කටයුතු කළ අතර ඉල්ලා අස්වීමට බලපෑම් එල්ල වී තිබෙන අතර විරුද්ධ පක්ෂ ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති අතර සෙනසුරාදා දිනයේ එහි ඡන්ද විමසීම පැවැත්වෙනවා.

World News