Latest News

2024 වසරේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකු සිය මංගල ටෙස්ට් ශතක වාර්තා කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසරේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකු සිය මංගල ටෙස්ට් ශතක වාර්තා කිරීමට සමත්ව ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන‌ දෙවන තරගයේදී රයන් රිකල්ටන් සිය කුළුඳුල් ශතකය වාර්තා කිරීමත් සමඟයි.

1948 වසරේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩාය වෙනුවෙන් අට දෙනෙකු මංගල ශතක රැස්කරගෙන ඇති බව සඳහන්.

එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කුළුඳුල් ශතකලාභීන් බිහි කළ වර්ෂය ලෙසයි සැලකෙන්නේ.

1930 දී එංගලන්තය වෙනුවෙන් මංගල ටෙස්ට් ශතක 06ක් වාර්තාවී තිබෙනවා.

1948, 73 සහ 78 යන වර්ෂවල පිළිවෙලින් ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකු කුළුඳුල් ශතක රැස්කර ඇති බවයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්‌ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාව වනවිට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 07ක් දැවි ලබා සිටින ලකුණු 269ක්.

එහිදී රයන් රිකල්ටොන් ලකුණු 101ක් සහ ටෙම්බා බවුමා ලකුණු 78ක් රැස්කරගත්තා.

පන්දුයැවීමේදී ළහිරු කුමාර කඩුලු තුනක් දවාගැනීමට සමත් වුණා.

World News

Send your contact Details Today