Latest News

බිට්කොයින් අගය ඉතිහාසගත ලෙස ඉහළට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ බ්‍රහස්පතින්දා ප්‍රථම වරට බිට්කොයින් වටිනාකම ඩොලර් 100,000 ට වඩා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ට්‍රම්ප්ගේ පරිපාලනය ගුප්තකේතන මුදල් සඳහා මිත්‍රශීලී නියාමන පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි යන අපේක්ෂා මධ්‍යයේයි.

මෙම වසරේ බිට්කොයින් අගය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර ට්‍රම්ප්ගේ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් සති හතරක් තුළ 45% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේවන විට ක්‍රිප්ටෝ ගැති නීති සම්පාදකයින් කිහිප දෙනෙකු අමෙරිකානු කොන්ග්‍රසයට තේරී පත්ව ඇති අතර බිට්කොයින් හි මිල ඩොලර් 100,000 සීමාව පසුකර නව වාර්තාගත ඉහළ අගයක් ගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ටෙස්ලා අධිපති එලෝන් මස්ක්ට ඇති හිතවත්කමත් මෙලෙස බිට්කොයින් අගය ඉහළ යාමට හේතු වී තිබෙනවා.

World News

Send your contact Details Today