Latest News

විශ්වාසභංගයකින් ප්‍රංශ රජය බිඳ වැටේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයක් නිසා ඔහුව බලයෙන් පහ කිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටී තිබෙනවා.

ඔහුට එරෙහි යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඔහු අගමැති ලෙස පත් වූයේ මීට මාස තුනකට පෙරයි.

හිටපු බ්‍රෙක්සිට් සාකච්ඡාකරුවෙක්වන මිචෙල් බාර්නියර් මතභේදාත්මක ලෙස විශේෂ බලතල භාවිතා කරමින් ඔහුගේ අයවැය, ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමට උත්සහ කර තිබුණා.

එම නිසයි විරුද්ධ පක්ෂ එක්ව, අගමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.

1962 න් පසු විශ්වාසභංගයකින් පසු රටේ රජය බිඳවැටුණු පළමු අවස්ථාව මෙයවන අතර, මෙමගින් ප්‍රංශයේ දේශපාලන අස්ථාවරත්වය තව දුරටත් වැඩි කරනු ඇති බව විචාරක මතයයි.

ඒ පසුගිය ගිම්හානයේ පැවති හදිසි මැතිවරණයෙන් පසුව කිසිඳු තනි කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණු නිසාවෙන්.

කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍ය පසුබිමක යෝජනාවට පක්ෂව ඡන්ද 331 ක් ලැබී තිබූ බව සඳහන්.

මේ වනවිට මිචෙල් බාර්නියර් ඉදිරිපත්කළ අයවැය අක්‍රිය වී ඇති අතර, ප්‍රංශ ජනපති මැක්‍රොන් අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් ඔහු භාරකාර අගමැති ලෙස ධූරයේ රැඳී සිටීමට ඉඩ තිබෙන බව බීබීසී පුවත් සේවය පවසනවා.

World News

Send your contact Details Today