Latest News

අමෙරිකාවේ කාන්තාවක් පොළොව පලාගෙන යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ පෙන්සිල්වේනියාහි කාන්තාවක් අඩි 30ක් (මීටර් 9ක්) ගැඹුරු ගිලා බැසීමට ලක් ව තිබෙනවා.

ඒ ඇය තම නැතිවූ බළලා සොයා යමින් සිටි අතරතුර බවයි පොලීසිය පවසන්නේ.

64 හැවිරිදි එලිසබෙත් පොලාඩ් නම් මෙම කාන්තාව පසුගිය සඳුදා රාත්‍රියේ තම බළලා සොයා යමින් යන අතරතුර, ඇයගේ පාදවලට පහළින් තිබූ අතහැර දැමූ ගල් අඟුරු පතලකට සම්බන්ධ මාර්ගයක් විවෘත වී ඊට වැටී ඇතැයි විශ්වාස කෙරෙන බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ද එම වලට වැටීමට ගිය බවත් මේ වන විටත් එය තුළට වැටුණු කාන්තාව සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි වාර්තා වන්නේ.

මයික්‍රෆෝන සහ කැමරා යොදාගෙන කාන්තාව සොයා පරීක්ෂණ සිදුකළත්, නිලධාරීන් පවසන්නේ ඔවුන්ගේ කැමරාවලට සපත්තුවක් ලෙස සැකකරන යමක් පමණක් හමුවූ බවයි.

මෙම විශාල සිදුර ඇතිවූ ස්ථානයට නුදුරින් මෙම කාන්තාවගේ මෝටර් රථය සහ එය තුළ සිටි වයස අවුරුදු 05 ක් වන මිණිබිරියද සොයාගෙන ඇති බවයි පෙන්සිල්වේනියා පොලීසිය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today