Latest News

ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ට, තලේබාන් සංවිධානයෙන් තහනමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇෆ්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ඇෆ්ගනිස්තානයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් කාන්තාවන්ට පුහුණුව ලබා දීමක් සිදු නොවන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් යළිත් වරක් රටේ බලය අල්ලා ගත්තා.

තාල්බාන්වරුන් ඔවුන්ට ආවේණික වූ ෂරියා නීතිය ක්‍රියාත්මක කළ අතර, කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි නීතිරීති රැසක් ක්‍රියාවට නැංවූවා.

බාලිකා අධ්‍යාපනය ද මුළුමනින්ම තහනම් කෙරුණ අතර කාන්තාවන්ට රජයේ රැකියා කිරීම පවා තහනම් වනවා.

World News

Send your contact Details Today