Latest News

දකුණු කොරියානු ජනපති යුද නීතිය ඉවත් කරගනියි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් විසින් ප්‍රකාශයට පත් කළ යුද නීතිය ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ එරට සිවිල් ජනතාවගේ දැඩි විරෝධය හමුවේයි.

උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින් එල්ල වන තර්ජනවලින් ලිබරල් දකුණු කොරියාව ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ නීතිය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපතිවරයා ඊයේ (03) ප්‍රකාශ කළා.

රාජ්‍ය විරෝධී කොටස් තුරන් කිරීමට අවශ්‍ය බවටයි එහිදී ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම තීරණයට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරුද්ධ වූ බව සඳහන්.

World News

Send your contact Details Today