Latest News

ග්‍රීසියට බලපා ඇති බෝරා සුළි කුණාටුවෙන් පුද්ගලයන් 3 ක් ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීසියට බලපා ඇති බෝරා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 3න් දෙනෙකුට ජීවිත අහිමිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ග්‍රීසියේ දූපත් කිහිපයකට බලපා ඇති බෝරා සුළි කුණාටුවෙන් මහාමාර්ග හා ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නිවාස සිය ගණනක් ජලයෙන් යටව ඇති අතර ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් ප්‍රදේශයන්හි ගොවිබිම් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව ද සඳහන්.

පසුගිය සෙනසුරාදා ග්‍රීසියට ඇතුලු වු බෝරා සුළි කුණාටුව අද දිනයේ දී ග්‍රීසියේ උතුරු හා වයඹ ප්‍රදේශයන්ට දැඩි හිමපතනයක් රැගෙන එනු ඇති බවටයි එරට කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.

World News

Send your contact Details Today