වියට්නාමයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාවක් වන Truong My Lan හට මරණ දඬුවම හිමි ව තිබෙනවා.
ඇයට මීට පෙර වියට්නාම අධිකරණයන් මරණ දඬුවම නියම කෙරුණ ද ඉල්ලූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් යළිත් දුන් තීන්දුව තහවුරු කිරීමටයි එරට අධිකරණය නියෝග කර තිබෙන බවයි අල් ජසීරා පුවත් සේවය පැවසුවේ.
අමෙරිකානු ඩොලර් බිලියන 12ක පමණ මුදලක් ඇය මූල්‍ය ආයතනවලින් වංචා කර ඇති බවත් එය රටේ ආර්ථිකයට සිදු කළ දරුණු අපරාධයක් බව ද වියට්නාම අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් ඇය වංචා කළ වත්කම්වලින් 3/4ක් යළි ගෙවීමට සමත් වන්නේ නම් ලබා දුන් මරණ දඬුවම ලිහිල් වීමේ ඉඩකඩක් පැවතිය හැකි බව ද වාර්තා වනවා.
Ho Chi Minh City හි උසාවිය විසින් අදාළ නියෝගය ලබා දෙනු ලැබුවා.
නිශ්චල දේපොළ සංවර්ධක Van Thinh Phat Holdings සමූහයේ සභාපතිනිය වන Lan, වාර්තාගත වියට්නාමයේ විශාලතම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ දී මරණ දණ්ඩනයට නියම වුණා.