ගාසාහිදී සිය භාරයට ගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෛනකු මරා දැමු බව හමාස් සංවිධානය පවසනවා.
ඒ මාස 14කට ආසන්න කාලයක් පුරා පවතින යුධ ගැටුම් හමුවේදීයි.
කෙසේ වෙතත් යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් ඉදිරියටත් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටින පිරිස අහිමි විය හැකි බවට එම සංවිධානය අනතුරු අඟවා තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඊශ්‍රායල – ගාසා යුධ ගැටුම් ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් 07 වනදා සිට හමාස් සංවිධානය භාරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 250කට අධික බව ද එම වාර්තාවල සදහන්.