Latest News

සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය හෙට කොළඹ දී ඇරඹේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රටවල් 11කින් පන්සියයකට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය හෙට (25) කොළඹ දී ඇරඹෙනවා.

වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිත එම ශූරතාවලිය සංවිධාන කරනු ලබන්නේ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසින්.

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව සහ අමෙරිකාව ඇතුළු රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 536 දෙනකු තරගාවලියට එක්වීමට නියමිතයි.

හෙට සිට ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග සහ පදක්කම් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.

World News

Send your contact Details Today