Latest News

ඔස්ට්‍රෙලියාවේ හිටපු ආරම්භක පිතිකරුවෙකු අභාවප්‍රාප්ත වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ඉයන් රෙඩ්පාත් (Ian Ritchie Redpath) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉයන් රෙඩ්පාත් අභාවප්‍රාප්ත වන විට 83 හැවිරිදි වියෙහි පසුවුණා.

ඔහු ඊයේ (01) අභාවප්‍රාප්ත වී ඇත්තේ කලක් රෝගාතුරව සිටීමෙන් බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1941 මැයි 11 වැනි දා වික්ටෝරියා ප්‍රාන්තයේ ගීලෝන්ග් හි දී උපත ලැබූ ඉයන් රෙඩ්පාත් එවක ඉතා ඉහළින් පිළිගැනුණු පිතිකරුවෙකු වනවා.

දකුණත් පිතිකරුවෙකු වන ඉයන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් පුහුණුකරුවෙකු ලෙසට ද කටයුතු කළා.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 66කට එක් ව ඇති ඉයන් රෙඩ්පාත් ටෙස්ට් දිවියේ ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව 171.

එක්දින තරග 05කට ක්‍රීඩා කර ඇති ඉයන් 1964 ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව මංගල ටෙස්ට් වරම් හිමිකරගත්තා.

1976 සිය උපන් බිමේ දී ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඉයන් රෙඩ්පාත් සිය අවසන් ටෙස්ට් තරගයට එක් වුණා.

World News

Send your contact Details Today