Latest News

සිරියා ජනපති මන්දිරයට, කැරලිකරුවන් ඇතුළු වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලෙප්පෝ හි පිහිටි මන්දිරයට, සිරියා කැරලිකරුවන් ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජිහාඩ්වාදී කැරලිකරුවන් රජයේ හමුදාවන්ට එරෙහි ඔවුන්ගේ අඛණ්ඩ සටන් දිගටම සිදු කරගෙන යමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.

ජනාධිපති මන්දිරයේ තුවක්කුකරුවන් සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යය තුළ සංසරණය වී තිබුණා.

පසුගිය බ්‍රහස්පතින්දා කැරලිකරුවන් නගරයේ බලය අත්පත් කරගත්තා.

කෙසේ වෙතත් සිරියානු හමුදාව නැවත සංවිධාන වී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ ද එය සාර්ථක වූයේ නැහැ.

මේ අතර ඉරානය හා රුසියාව ද සිරියාවට සහාය පළ කරමින් යුද ආධාර සිරියාවට ලබා දී තිබෙනවා.

World News

Send your contact Details Today