Latest News

Gerald Coetzee ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Gerald Coetzee ආබාධයකට ලක්ව තිබෙනවා.

Gerald Coetzee ශ්‍රී ලංකාවට එරෙහිව ඩර්බන්හිදී අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ පන්දු යවමින් සිටියදී උකුළ ආසන්නයේ ආබාධයකට ලක්වුණා.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ, ඔහු සති 6ක පමණ කාලයක් විවේක ගතයුතු බවයි.

ඒ අනුව මේ මස 5වනදා ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි දෙවන හා අවසන් ටෙස්ට් තරගය මෙන්ම ඉදිරියේදී පාකිස්තානය සමගින් සිය රටේදී පැවැත්වෙන තරගාවලියද Gerald Coetzee ට අහිමි වී තිබෙනවා.

ඔහුට ආදේශකයක් ලෙස Kwena Maphaka කැඳවා තිබෙනවා.

World News

Send your contact Details Today