Latest News

සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝ නගරයෙන් ඉවත් වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැරලිකරුවන්ගේ ප්‍රබල ප්‍රහාර හමුවේ සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝ නගරයෙන් ඉවත් වී තිබෙනවා.

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිවයි කැරලිකරුවන් ඇලෙප්පෝ නගරය ආක්‍රමණය කර ඇත්තේ.

සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ නගරයේ විශාල ප්‍රදේශයක් කැරලිකරුවන්ගේ ග්‍රහණයේ සතු බව රජයේ හමුදා පිළිගෙන තිබෙනවා.

කෙසේවෙතත් කැරලිකරුවන් පලවා හැරීමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.

මෙම ප්‍රහාරය සිරියාවේ සිවිල් යුද්ධයේ වැදගත්ම සංදිස්ථානයක් සනිටුහන් කරන බව යුද විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

පසුගිය බදාදා කැරලිකරුවන් ප්‍රහාර ආරම්භ කල අතර මේ වන විට ගැටුම් වලින් සිවිල් වැසියන් 20 ක් ඇතුළු පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති බෂාර් අල් අසාද් කියා සිටින්නේ ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ ආධාරකරුවන් හමුවේ සිරියාවේ ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට තමන් කැපවන බවයි.

2011 වසරේදී එරට සිවිල් යුද්දය ආරම්භ වූ අතර මේ වනවිට යුද ගැටුම් හේතුවෙන් ලක්ෂ පහක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

World News