Latest News

පාප්තුමාගේ සතිපතා දේශන මැන්ඩරින් භාෂාවට පරිවර්තනය කෙරේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වතිකානුවේ සතිපතා සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයේදී තම දේශන ලබන සතියේ සිට මැන්ඩරින් භාෂාවට පරිවර්තනය කරන බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

සෑම බදාදා දිනකම පැවැත්වෙන මෙම රැස්වීම්වලදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලි භාෂාවෙන් කථා කරන අතර, ඔහුගේ දේශන ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, පෝලන්ත, ස්පාඤ්ඤ, පෘතුගීසි සහ අරාබි යන භාෂාවලට පරිවර්තනය කර කියවනු ලබනවා.

මේ අනුව ලබන සතියේ සිට එම දෙශන චීනයේ නිල භාෂාව වන මැන්ඩරින් භාෂාවටහ් පරිවර්තනය කරන බව සඳහන්.

වතිකානුව සහ කොමියුනිස්ට් චීනය අතර සබඳතා ඓතිහාසික වශයෙන් ඍණාත්මකවූවත්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එය සාමාන්‍යකරණය කිරීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා.

World News

Send your contact Details Today