Latest News

හෘදයාබාධයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිටිය තුළදීම ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ පූනේහී ගාවර් ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයකු මියගොස් තිබෙනවා.

ඉම්රාන් පටෙල් නම් 35 හැවිරිදි මෙම ක්‍රීඩකයා තරගය අතරතුර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදීමට පිටියට පිවිස ඇති මෙම ක්‍රීඩකයා, කෙටි වේලාවකින් සිය අත්වල සහ පපුවේ වේදනාවක් ඇති බවට දන්වා තිබෙනවා.

ඔහුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වය මත නැවත පිටියෙන් ඉවත්වීමට විනිසුරුවන් අවසර දී තිබූ අතර ඉන් අනතුරුව ඔහු පිටියේම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය ඉම්රාන් පටෙල් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවද සඳහන්.

World News

Send your contact Details Today