කැනඩාවේ තෙල්වලින් පොහොසත් ඇල්බර්ටා හි, 25% ක තීරුබදු පැනවීමට ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනය සම්බන්ධයෙන් මේ වන විට නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.
ඒ අනුව අධික තීරුබදු හමුවේ ආර්ථිකයට දරුණු ප්‍රතිවිපාක ගෙනදෙනු ඇති බවයි කැනේඩියානු දේශපාලඥයින් සහ බලශක්ති විශේෂඥයින් අනතුරු අඟවන්නේ.
ඇල්බර්ටා හි හිටපු බලශක්ති විධායකයෙකු වන ඩෙනිස් මැකෝනාගී විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, කැනඩාවට මේ සඳහා විකල්පයක් නොමැති බවයි.
තමන් ජනවාරි මාසයේදී බලයට පත්වීමෙන් පසු මෙක්සිකෝව සහ කැනඩාව මත 25% ක තීරු බදු පැනවීමට කටයුතු කරන බවත් මෙක්සිකෝවේ සහ කැනඩාවේ ආනයන බදු ඉවත් කරන්නේ එක්සත් ජනපදයට නීතිවිරෝධී සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළ පසු පමණක් බවයි ට්‍රම්ප් සඳුදා නිවේදනය කළේ.
ඒ අනුව කැනේඩියානු ඛනිජ තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දී තිබුණේ, සමස්තයක් ලෙස ඇල්බර්ටා හි රැකියා අහිමිවීම්වලට ද මෙය තුඩු දෙනු ඇති බවයි.
එමෙන්ම දේශීය ආර්ථික සාධක හේතුවෙන් දැනටමත් මුදල් ඒකකය අරගල කරන මොහොතක, මෙම තත්ත්වය කැනේඩියානු ඩොලරය අවප්‍රමාණය වීමට ද හේතු විය හැකි බවයි ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ.