අමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී තිබෙනවා.
එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලයට පත්ව ඇති බවයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.
ඒ අසළ සිටි සංචාරක මග පෙන්වන්නෙකු වන ඩෙනිස් ඩිගින්ස් මෙම පැහැදිලි කළ නොහැකි එළි ඡායාරූපගත කර ඇති බවද එම පුවත්පත සඳහන් කර තිබෙනවා.
එම එළි නිවී නිවී පත්තු වී ඇති බවත් බලසිටින්නන් ඒවා පියාඹන පිරිස ලෙස පැවැසීම පුදුමයක් නොවන බවයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසන්නේ.
අත්භූත එළි 4 චතුරශ්රාකාරව සිට තනි පෙළට පෙළ ගැසී කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ සිට ඇති බවද එම පුවත්පත සඳහන් කරනවා.
මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වී ඇති බවත් ඒවා දුටු සමාජ මාධ්‍ය පරිශිලකයන්ද ඉන් කලබලයට පත්ව ඇති බවත් විශේෂඥයෝ මේවා පියාඹන පිරිසි එළි නොවන බවට මත පළ කර ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළා.
හුදෙක් මෙම එළි රාත්‍රී අහසේ දිස්වෙන ඡායාවන් බවත් අත්භූත එළි ඒවා ඡායාරූපගත කළ ඩිගිනස්ගේ කැමරා කාචයේ සෙවනැළි විය හැකි බවත් එලෙස පළවූ ප්‍රසිද්ධ මතවලින් කීපයක් වනවා.