Latest News

SL vs SA | TEST 01 / Day 02: දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමා වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී ලකුණු 191ක් රැස් කර ගත්තා.

තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, අද (28) තරගයේ දෙවෙනි දිනයයි.

කඩාවැටුණු දකුණු අප්‍රිකානු ඉනිමේ ඉහළම ඉනිම නායක ටෙම්බා බවුමා රැස්කළා.

ඔහු පන්දු 117කට මුහුණදෙමින් ලකුණු 70ක් රැස්කිරීම හා කෙෂාව් මහරාජ් ලකුණු 24ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20කට වැඩි ඉනිමක් හෝ ගොඩනැගීමට හැකි වුණේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 3ක් හා ලහිරු කුමාර ලකුණු 70කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනාට අමතරව විශ්ව ප්‍රනාන්දු (2/35) හා ප්‍රබාත් ජයසූරිය (2/24) කඩුලු 2 බැගින් දවාගත්තා.

ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීම සඳහා අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ නමුත් එදින ක්‍රීඩාකළ හැකිවූයේ පන්දුවාර 20.4ක් පමණයි.

දිනය පුරා වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් තරගය වේලාසන අවසන් කිරීමට සිදුවුණා.

ඒ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියා.

World News

Send your contact Details Today