Latest News

IPL වරම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකුට හිමිවේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකු මිලදී ගෙන ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මතීෂ පතිරණ තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇත.

එහිදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් පෙරේදා දිනයේ මිලදී ගනු ලැබීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙඩාහි පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඊයේ (25) දිනයේ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකු මෙවර IPL තරගාවලිය සඳහා කණ්ඩායම් විසින් මිලදීගෙන තිබේ.

නුවන් තුෂාර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදීගෙන ඇති අතර කමිඳු මෙන්ඩිස් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

දුෂ්මන්ත චමීර් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලදී ගත් අතර නවක ක්‍රීඩක එෂාන් මාලිංග සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.

World News

Send your contact Details Today