Latest News

SL vs SA TEST: ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යයි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ඊයේ (21) රාත්‍රියේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්, ටෙස්ට් තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය සිය පුහුණුකරුවන් සහ කළමනාකාරීත්වය සමඟයි.

මෙරටින් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ දී කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇතුළු පිරිස ආගමික වතාවත්වල නිරත වුණා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වා විසින් හොබවනු ලබනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් එරට දී පැවැත්වීමට නියමිතයි.

එහි පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 27 වැනි දින ඇරඹෙන අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වනු ඇති.

World News

Send your contact Details Today